Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

29th December 2023 14:37:03 Hours

ශ්‍රීලයුකාබ සේවා වනිතා ශාඛාව ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) සමඟින් තවත් සමාජ මෙහෙවරකට අත්වැල් බැඳගනියි

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්ත ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නයෝමි ගුණරත්න මැතිණියගේ උදාර සංකල්පයක් හා මඟපෙන්වීම මත 3 වන ස්වේච්ඡා කාන්තා බළකාය යටතේ රාජකාරි නියුතු ලා/කෝ සුභාෂිණි ඩීඑම්එන් යන කොනොනි වරිය හට අඩුපාඩුවක්ව පැවති නව නිවසක් ඉදිකර ගැනීම සඳහා මුල්ගල තැබීමේ උත්සවය 2023 දෙසැම්බර් 28 වන දින සුභ මොහොතින් සිදු කරන ලදී.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ වැලිකන්ද නේවාසික ව්‍යාපෘති කළමණාකරු සුගත් සෙනෙවිරත්න මහතා විසින් මෙම සත්කාර කටයුත්ත සඳහා අවැසි පර්චස් 20ක ඉඩම පරිත්‍යාග කරන ලද අතර, මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් මූල්‍ය ශක්තිය නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිගේ සහ ශ්‍රීලයුකාබ කර්නල් සේනාවිධායකගේ ඉල්ලීම පරිදි ගෙන්ගසුතන් මයිල්වාගනම් මහතා විසින් ලබා දෙන ලදී.

තවද, එම කොනොනිවරිය ඇතුළු සිය පවුලේ සාමාජිකයන්ගේ අනාගත අභිවෘද්ධිය උදෙසා මහත් අස්වැසිල්ලක් වූ මෙම ගොඩනැගීමට යෝජිත නිවාසය සඳහා ශ්‍රම ශක්තිය සහ තාක්ෂණික විශේෂඥ දැනුම ලබා දීමේ කර්තව්‍ය සඳහා නැගෙනහිර ආරක්ෂක සේනාව යටතේ පිහිටි වැලිකන්ද ගැරිසන් ඉංජිනේරුවරුන් විසින් කටයුතු සිදු කිරීමට ද නියමිතව ඇත. සර්ව ආගමික වතාවත් මධ්‍යයේ පැළයක් සිටුවා මූලික චාරිත්‍රයන්ට අනුව ආරම්භ කරන්නට යෙදුන මෙම මුල්ගල තැබීමේ කෙටි උත්සවය සඳහා 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළු නැගෙනහිර ආරක්ෂක සේනාංකයේ සියළුම මාණ්ඩලික නිලධාරින් සහ අනෙකුත් ආරාධිතයන් රැසක් සහභාගි වූහ.