Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

04th December 2023 18:47:14 Hours

ශ්‍රිලයුකාබ සේවා වනිතා ශාඛාව වෙතින් තවත් සමාජ මෙහෙවරක්

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ශ්‍යාමලි විජේසේකර මැතිණියගේ මඟපෙන්විම මත 1 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායට අයත් දැනට පාබල සේමුහි යා කිරිම් මත රාජකාරි කරනු ලබන ලා/කෝ අබේගුණවර්ධන වීටි කොනොනියගේ මොළයේ වතුර නමැති රෝගයෙන් රෝගාතුරව එක්තැන්ව ප්‍රථිකාර ලබාගන්නා දියණිය සඳහා රු.63850 වටිනා රෝද පුටුවක් පරිත්‍යාග කිරිම 2023 දෙසැම්බර් 01 වන දින තත් සෙබළියගේ නිවසේදි සිදු කරන ලදි.

සුරංග ලියනගේ මහතාගේ සහ මයුරි අමරවීර මහත්මියගේ පුද්ගලික මුල්‍යමය දායකත්වය මත මෙම රෝද පුටුව පරිත්‍යාග කල අතර මෙහිදි ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් එම දියණියට ඉදිරි මාස 03ක් පුරා පරිභෝජනයට අවැසි කිරිපිටි සහ පැම්පස් ලබා දිමටද කටයුතු කරන ලදි.