Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

21st November 2023 09:26:00 Hours

රෙජිමේන්තු මධ්‍යස්ථානයේ 26 වන සංවත්සරයට සමගාමීව ශ්‍රිලයුකාබ සේවා වනිතා ශාඛාව විසින් සියලු නිලයන් වෙත විශේෂ සංගීත වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානය යටතේ සහ 1ශ්‍රීලයුකාබ යටතේ රාජකාරී නියුතු සියලුම නිළධාරීන් සහ සෙසු නිලයින්ගේ චිත්ත ධෛර්යය සහ මානසික සතුට ඉහල නැංවිම උදෙසා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සේවා වනිතා ශාඛාව විසින් “රණවිරු අභිනන්දන ගී පුජා 2023” යන මැයෙන් විශේෂ සංගීත වැඩසටහනක් නොවැම්බර් 11 වන දින බොරැල්ල රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී අති උත්කර්ෂවත්ව පවත්වන ලදී. ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ශ්‍යාමලී විජේසේකර මැතිනියගේ සංකල්පයක් සහ අධීක්‍ෂණය යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක සහ ශ්‍රිලංයුහසෙව්බමු ආඥාපති මේජර් ජෙනරාල් යු ඩි විජේසේකර ආර්ඩබ්පී ආර්එස්පී යුඑස්පී ආර්සිඩීඑස් පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම යටතේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ 26 වන සංවත්සරයට සමගාමීව මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අධි රිද්ම සංගීත කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුධ හමුදා නර්තන කණ්ඩායම විසින් මෙම සංගීත සැදෑව සඳහා සංගීතමය මෙන්ම නර්තන දායකත්වය ලබා දුන් අතර වැඩසටහන අවසානයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සේවා වනිතා ශාඛාවේ සභාපතිනි විසින් වාදක කණ්ඩායමේ සමාජිකයින්ට සහ යුධ හමුදා නර්තන කණ්ඩායමේ සාමාජිකාවන් වෙත විශේෂ තිළිණ ප්‍රදානයක් ද සිදු කරන ලදී.