Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

16th November 2023 21:14:57 Hours

1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය විසින් “ FORMOSA” අලෙවිසැල විවෘත කල වගයි.

1වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අණදෙන නිලධාරිණි මේජර් ටී ටී කේ කේ ප්‍රනාන්දු පීඑස්සී ශ්‍රිලයුකාබ ජ්‍යෙෂ්ඨ නිලධාරිණිය විසින් නවතමයෙන් ඉදිකරන ලද “ FORMOSA” පාසල් උපකරණ, ඡායාස්ථ පිටපත් සහ මුද්‍රණ අලෙවිසැල 2023 ක් වු නොවැම්බර් මස 08 වන දින අභිනවයෙන් විවෘත කරන ලදී. මෙම අලෙවිසැල ඒකක අණදෙන නිලධාරිණියගේ සංකල්පයකට අනුව හා මඟපෙන්වීම යටතේ ප්‍රදේශයේ පාසල් ළමුන් වෙත සහ මහජනතාව වෙත සහනදායී මිලට උසස් සේවාවක් සහ ලිපිද්‍රව්‍ය ලබාදීම අරමුණු කරගනිමින් නව ව්‍යාපෘතිය විවෘත කරන ලදී. තවද මෙම අලෙවිසැල මඟින් ඡායාරූප පිටපත් (පාස්පෝට් ප්‍රමාණයේ) ලබා ගැනීම, මුද්‍රණ කටයුතු සිදුකර ගැනීම ආදී සේවාවන් ඉතා උසස් ගුණාත්මක තත්වයෙන් ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට ලබාගැනීමට පහසුකම් සලසා ඇත.