Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

01st October 2023 10:51:41 Hours

අන්තර් රෙජිමේන්තු නෙට්බෝල් ශූරතාවලිය 2023 හි අවසන් මහා තරඟය පනාගොඩදී

අන්තර් රෙජිමේන්තු නෙට්බෝල් ශූරතාවලිය 2023 හි අවසන් මහා තරඟය සහ ජය සංකේත ප්‍රදානෝත්සවය මේජර් ජෙනරාල් යූ.ඩී.විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ආඥාපති ,ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායකගේ ප්‍රධානත්වයෙන් 2023 සැප්තැම්බර් මස 22 සිකුරාදා දින පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී අති උත්කර්ෂවත්ව පවත්වන ලදී.

මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ (SLAWC) කණ්ඩායම් 2ක්, ශ්‍රී ලංකා සංඥා බලකායේ (SLSC) කණ්ඩායම් 1 ක්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ (SLAMC) කණ්ඩායමක්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ (SLCMP) කණ්ඩායමක් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ (SLAGSC) කණ්ඩායම් 1 ක් ඇතුළු නෙට්‌බෝල් කණ්ඩායම් 6 ක් සහභාගී විය.

බ්‍රිගේඩියර් ජේ.කේ.ආර්. ජයකොඩි ආර්ඩබ්ලිව්පී යූඑස්පී ශ්‍රී ලංකා යුද්ධ හමුදා නෙට්බෝල් කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක විසින් අවසන් මහා තරගයේ සහ ජය සංකේත ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා පිළිගනු ලැබූ අතර අවසන් මහා තරඟය සදහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 'ඒ' කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 'බී' කණ්ඩායම තරඟ වදින ලදී.

මෙහිදී සමස්ත ලකුණු 28/16 ක් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 'ඒ' කණ්ඩායම අවසන් මහා තරඟයේ ශූරතාවය දිනා ගත් අතර අන්තර් රෙජිමේන්තු නෙට්බෝල් ශූරතාවලිය 2023 හි නෙට්බොල් රැජිණ ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා 'බී' කණ්ඩායමේ කාන්තා සෙබල බණ්ඩාර ආර් බී ඒස් කේ අභිශේක ලබන ලදී.

මෙම අවස්ථාව සඳහා බ්‍රිගේඩියර් අනිල් පීරිස් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂක , සියලුම මධ්‍යස්ථාන සේනාවිධායකවරුන්, ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිළධාරීන්, නිළධාරිණියන් ඇතුලු සෙසු නිළයින් රැසක් සහභාගී වූහ.