Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

13th July 2023 19:27:48 Hours

ශ්‍රිලයුකාබ සේවා වනිතා ශාඛාවේ සභාපතිතුමියගේ මග පෙන්වීම මත තුන්වන ස්වේච්ඡා කාන්තා බලකාය වෙතින් තවත් සමාජ මෙහෙවරක්

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ශ්‍යමලි විජේසේකර මැතිණියගේ නායකත්වය සහ මඟපෙන්විම මත තුන්වන ස්වේච්ඡා කාන්තා බලකායේ අණදෙන නිලධාරිණි මේජර් හර්ෂි ද සිල්වා ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමියගේ අධික්‍ෂණය යටතේ සඳුන්පුර පිහිටි ‘සරණ’ වැඩිහිටි නිවාසයේ වියපත් පියවරුන් සඳහා දිවා ආහාර වේලක් ලබා දිමේ වැඩසටහනක් 2023 ජුලි මස 11 වන දින සිදු කරන ලදි.

මෙම ව්‍යාපෘතිය සඳහා තුන්වන ස්වේච්ඡා කාන්තා බලකායේ අණදෙන නිලධාරිණි ඇතුළු සියළු නිලයන් දායකත්වය ලබාදුන් අතර දිවා ආහාරය අවසානයේ එම පියවරුන් සඳහා අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුලත් ත්‍යාග පාර්සල් ප්‍රධානය කිරීම මෙන්ම මෙයට සමඟාමීව ඔවුන්ගේ විනෝදාස්වාදය සඳහා විශේෂ සංගීතමය වැඩසටහනක්ද පැවැත්වුනි.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය ශ්‍යමලි විජේසේකර මැතිනියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද මෙම වැඩසටහන සඳහා 3 වන ස්වේච්ඡා කාන්තා බලකායේ අණදෙන නිලධාරිණි ඇතුළු සියළු නිලයින් සහභාගී වූහ.