Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

13th July 2023 19:12:33 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අන්තර් ඒකක සරඹ තරඟාවලිය හා ජය සංකේත ප්‍රධානෝත්සවය 2023 සාර්ථකව නිමාවන ලදි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක සහ නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් යූ ඩී විජේසේකර ආර්ඩබ්ලිවිපී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ මග පෙන්විම හා උපදෙස් මත ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ඒකකයන් අතර පවත්වන ලද අන්තර් ඒකක සරඹ තරඟාවලිය හා ජය සංකේත ප්‍රධානෝත්සවය-2023, තුන්වන ස්වේච්ඡා ශ්‍රිලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය - සඳුන්පුර හිදී 2023 ජුලි මස 11 වන දින අතිසාර්ථකව පවත්වන ලදි.

මෙහිදි පලවන සහ හත්වන කාන්තා බලකායන් වෙතින් සරඹ කණ්ඩයක්ද,දෙවන සහ තුන්වන ස්වේච්ඡා කාන්තා බලකායන් වෙතින් සරඹ කණ්ඩයක්ද තරඟාවලිය සඳහා සහභාගි වුහ.ඒ අනුව සමස්ත ලකුණු තුළින් වැඩි ලකුණු ප්‍රතිශතයක් ලබා ගනිමින් දක්‍ෂතම සරඹ කණ්ඩය ලෙස ශුරතාවය දිනාගනු ලැබුවේ දෙවන සහ තුන්වන ස්වේච්ඡා කාන්තා බලකායන් ගෙන් සැදුම්ලත් සරඹ කණ්ඩය වූ අතර පලවන සහ හත්වන කාන්තා බලකායන් හි සරඹ කණ්ඩය සඳහා අණ දුන් 7 වන කාන්තා බලකායේ ලුතිතන් නිශාදි ධිරසිංහ දක්‍ෂතම සරඹ කණ්ඩය සඳහා අණදෙන නිළධාරිණිය ලෙස ද , 3 වන කාන්තා බලකායේ බනි II හෙලන් බී ජ්‍යෙෂ්ඨ කොනොනිවරිය දක්‍ෂතම සරඹ උපදේශකවරිය ලෙස ද තේරිපත්විය.

මෙම අවස්ථාව සඳහා රෙජීමේන්තු මධ්‍යස්ථානයේ සහා අනෙකුත් කාන්තා බලකායන් නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරිණියන් ,රෙජීමේන්තු සැරයන් මේජර්වරිය ඇතුළු සෙසුනිලයන් රැසක් සහභාගි වුහ.