Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

06th June 2023 11:07:24 Hours

පොසොන් පොහොය නිමිති කරගෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය වෙතින් අයිස් ක්‍රිම් දන්සලක්

පලමුවන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ මූලිකත්වය යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව එකට එක්ව ප්‍රථම වරට සංවිධානය කරන්නට යෙදුන අයිස් ක්‍රීම් දන්සල 2023 ජූනි මස 03 වන පොසොන් පොහොය දින සවස 0400ට රෙජිමේන්තු මධ්‍යස්ථානය බොරැල්ල ඉදිරිපිට දි සාර්ථකව පවත්වන ලදී.

ආරක්ෂක සේනා ආඥාපති මුලතිව් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් දර්ශන විජේසේකර ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිණි ශ්‍යාමලි විජේසේකර මැතිණියගේ නායකත්වය හා මඟපෙන්වීම මත පලමුවන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අණදෙන නිලධාරිණි මේජර් කල්පනි ප්‍රනාන්දු ජ්‍යෙෂ්ඨ නිලධාරිණිය ඇතුළු ඒකකයේ සියළු නිලයන්ගේ මුලික සංවිධාන ශක්තිය මත රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සියළු නිලයන්, සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්ගේ අනුග්‍රාහකත්වය සහ දායකත්වය මත මෙම දන්සල පවත්වන ලද අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිණිය, සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සහ මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු රෙජීමේන්තු මධ්‍යස්ථානයේ සියලු නිලයන් ද මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.