Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

17th January 2023 14:31:32 Hours

පළවන ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 27 වන අණදෙන නිලධාරිණීය ලෙස විශිෂ්ඨ සේවාවක් ඉටු කරන ලද මේජර් රශ්මි ගල්හේන වෙත ගෞරවාචාරය පුද කරනු ලැබීය.

පළවන ශ්‍රි ලංකා යුධ හමුදා කාන්තා බලකායේ 27 වන අණදෙන නිලධාරිණිය ලෙස විශිෂ්ඨ සේවාවක් ඉටු කරන ලද මේජර් ජේ ආර් පි කේ ගල්හේන ජ්‍යෙෂඨ නිලධාරිණිය වෙත ගෞරවාචාර්ව පුදකිරිමෙි උත්සවයක් බොරැල්ල පිහිටි 1වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා මුලස්ථානයේ දී 2023 ජනවාරි මස 17 වන දින පැවති අතර, එහිදී එම ජ්‍යෙෂඨ නිලධාරිණිය වෙත භඨපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකුල සම්මාන මුරයක් සමගින් ගෞරවාචාරය පුදකරනු ලැබිය. එමෙන්ම සියළු නිලයන් ඇමතීමේ දී එතුමියගේ විශිෂ්ඨ සේවය අගයනු පිණිස එතුමිය වෙත සියළු නිළධාරින් හා සියළු සෙසු නිලයන් වෙතින් සමරු ඵලකයක්ද පිරිනමන ලදි.