Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

10th January 2023 09:05:39 Hours

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව සමගින් ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 7 වන බලඇණිය විසින් සංවිධානය කරන ලද තවත් සමාජ මෙහෙවරක්

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව විසින් 2023 ජනවාරි 10 වන දින කන්කසන්තුරෙ ඌරණි කණිෂඨ විධ්‍යාලයේ දරුවන්ට අවශ්‍ය පාසල් ද්‍රව්‍ය බෙදා දෙමින් ඔවුන්ගේ හෙට දවස නගා සිටුවීමට අවැසි තවත් මානුෂිය මෙහෙවරක් සිදු කරන ලදි. තවද ශ්‍රිලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 7 වන බල ඇණියේ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ ඔවුන්ගේ දරුවන් සඳහා වියළි සලාක ඇසුරුම් සහ පාසල් ද්‍රව්‍ය බෙදාදීමක් මීට සමගාමීව එහිදි සිදුවිය.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ සේවා වනිතා ශාඛාවේ සබභාපතිනි ශ්‍යාමලි විජේසේකර මහත්මියගේ මගපෙන්වීම යටතේ ශ්‍රිලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 7 වන බලඇණියේ සියළුම නිළධාරින් සහ සෙසුනිලයින් විසින් මෙම උත්සවය සංවිධානය කරන ලදි.මුලික අවශ්‍යතා සඳහා වැය කිරිමට ආර්ථික මට්ටමක් හෝ නොමැති ආර්ථික අපහසුතා සහිත එම පවුල් වලට සහ එම පවුල් වල දුවා දරුවන්ට සහනයක් සැලසිම මෙම පරිත්‍යාගයේ මුලික අභිලාශය විය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ශ්‍යාමලි විජේසේකර මහත්මිය සහ ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 7 වන බලඇණියේ අණදෙන නිළධාරි ලුතිතන් කර්නල් ඉන්දික ගම්ලත් ආර්එස්පී යුඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරි සමග අනෙකුත් නිළයන් මෙන්ම විදුහලේ විදුහල්පතිතුමා ඇතුළු කාර්‍ය මණ්ඩලය සහ දරැවන්ගේ දෙමාපියන්ද සහභාගි වුහ.