Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

21st December 2022 10:39:45 Hours

ශ්‍රිලයුකාබ සේවා වනිතා ශාඛාව මගින් සිදු කරනු ලැබු විශේෂ නත්තල් වැඩසටහන

අඥාපති ආරක්ෂක සේනා මුලස්ථානය මුලතිව් සහ ශ්‍රිලංකා යුධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් යු ඩී විජේසේකර ආර්ඩබ්පී ආර්එස්පී යුඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන්ගේ සහ ශ්‍රිලංකා යුධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ශ්‍යාමලි විජේසේකර මැතිණියගේ මෙහෙයවිම මත ජාඇල පිහිටි දෝන් බොස්කෝ සෙවනෙහි රැකවරණය ලබන කුඩා දරු දැරියන් 35 දෙනෙකුට සහ එහි කාර්‍ය මණ්ඩලයට අවැසි ඇදුම් ආයිත්තම්,සුවද විලවුන් සහ චොකලට් සපිරි ත්‍යාග පර්සල් බෙදාදිමේ විශේෂ නත්තල් වැඩසටහනක් 2022 දෙසැම්බර් මස 20 වන දින යුධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛා සභාපතිනි ශ්‍යමලි විජේසේකර මැතිණියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. රවි රාජපක්ෂ මහතාගේ සම්බන්ධිකරණය මත එක්සත් රාජධානියේ “ස්වේෂනි”සංවිධානය මේ සඳහා මුල්‍යමය දායකත්වය ලබා දෙන අතර ශ්‍රිලංකා යුධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව මගින් මෙම වැඩසටහනේ සංවිධාන කටයුතු සිදු කරන ලදි.

මෙහිදි තවදුරටත් එම දරු දැරියන්ගේ විනෝදාස්වාදය සඳහා නත්තල් සීයා සමඟින් සංගිත වැඩසටහනක්ද පැවැත්වු අතර සේවා වනිතා ශාඛාවේ උපසභාපතිනි අශිකා තිබ්බොටුගේ මැතිණිය සහ 1 ශ්‍රිලයුකාබ හී අණ දෙන නිළධාරිණි මේජර් රශ්මි ගල්හේන ඇතුළු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ බොහෝ පිරිසක් මෙම වැඩසටහන සඳහා සහභාගි වුහ.