Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

20th December 2022 11:32:21 Hours

ශ්‍රි ලංකා යුධ හමුදා කාන්තා බලකායේ 17 වන මධ්‍යස්ථ සේනාවිධායක ලෙස විශිෂ්ඨ සේවාවක් ඉටු කරන ලද බ්‍රිගේඩියර් චමින්ද තිබ්බොටුගේ වෙත ගෞරවාචාරය පුදකරනු ලැබිය.

ශ්‍රි ලංකා යුධ හමුදා කාන්තා බලකායේ 17 වන මධ්‍යස්ථ සේනාවිධායක ලෙස විශිෂ්ඨ සේවාවක් ඉටු කරන ලද බ්‍රිගේඩියර් චමින්ද තිබ්බොටුගේ වෙත ගෞරවාචාරව පුදකිරිමේ උත්සවයක් බොරැල්ල පිහිටි ශ්‍රි ලංකා යුද හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි 2022 දෙසැම්බර් 16 වන දින පැවති අතර, එහිදි එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත භඨපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයක් සමඟින් ගෞරවාචාරය පුදකරනු ලැබිය. එමෙන්ම සියළු නිලයන් ඇමතිමේදි එතුමන්ගේ විශිෂ්ඨ සේවය අගයනු පිණිස එතුමන් වෙත කර්නල් සේනාවිධායක ඇතුළු සියළු නිලයින් වෙතින් සමරු ඵලකයක්ද පිරිනමන ලදි.