Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

11th December 2022 11:30:03 Hours

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය වෙනුවෙන් විශිෂ්ඨ සේවාවක් ඉටුකරන ලද 22 වන කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් එම් කේ ජයවර්ධන ආර්එස්පී යුඑස්පී එන්ඩීයු සිය ධුරයෙන් නික්ම යන ලදී.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය වෙනුවෙන් විශිෂ්ඨ සේවාවක් ඉටුකරන ලද 22 වන කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් එම් කේ ජයවර්ධන ආර්එස්පී යුඑස්පී එන්ඩීයු සිය ධුරයෙන් නික්ම යන ලදී. එම අවස්ථාව වෙනුවෙන් රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙතින් සමුගැනීමේ උත්සවයක් ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2022 දෙසැම්බර් 05 වන දින පවත්වනු ලැබු අතර එහිදී එතුමන් වෙනුවෙන් සම්ප්‍රධානකූල සියළු නිල තේ පැන් සංග්‍රායහක් ලබාදුන් අතර, එතුමන් විසින් සිදුකරන ලද භටපිරිස් ආමන්ත්‍රණයේදී සියළු නිලයින් වෙතින් පිදෙන සමරු පළකය මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් චමින්ද තිබ්බොටුගේ විසින් එතුමන් වෙත පිරිනමන ලදී.

තවද ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව වෙනුවෙන් සිදු කරන ලද විශිෂ්ඨ සේවය උදෙසා කාන්තා බලකා සේවාවනිතා ශාඛාව වෙතින් ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවාවනිතා ශාඛාවේ සභාපතිනී ශම්මි ජයවර්ධන මැතිනිය වෙත සමරු තිළිනයක් ප්‍රධානය කිරීමද මීට සමගාමීව සිදු කරන ලදී.