Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

12th September 2020 16:41:00 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නව කර්නල් සේනාවිධායක රාජකාරී අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ විසි වන කර්නල් සේනාවිධායක වශයෙන් මේජර් ජෙනරාල් ප්‍රියන්ත පෙරේරා ජ්‍යෙෂ්ඨ නිලධාරී 2020 සැප්තැම්බර් මස 08 වන දින බොරැල්ල ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිය නව ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී. එම අවස්ථාවේදී එතුමන් පිළිගැනීම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක ජානක රත්නායක විසින් සිදුකරන ලද අතර, ඉන් අනතුරුව භඨ පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයක්ද පිරිනමන ලදී.