Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

12th September 2020 16:32:27 Hours

විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ කර්නල් සේනාවිධායක වෙත ගෞරවාචාර

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නික්ම යන දහනව වන කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ප්‍රසන්න චන්ද්‍රසේතර ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය විසින් සංවිධානය කරන ලද උපහාර උත්සවය 2020 සැප්තැම්බර් මස 05 වන දින පනාගොඩ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාලතුවක්කු රෙජිමේන්තු කඳවුරු පරිශ්‍රයේදී පවත්වන ලදී. එම අවස්ථාවේදී හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු මුරයක්,සම්මාන මුරයක් සහ රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනැමීම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ භට පිරිස් විසින් සිදුකරන ලදී. තවද නික්ම යන කර්නල් සේනාවිධායක වෙත සුභාශිංසන පිරිනැමීම සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ජානක රත්නායක, කාන්තා බලකා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්/නිලධාරීන් සහ සෙසුනිලයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.