Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

16th March 2020 20:16:25 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහසභා රැස්වීම

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහසභා රැස්වීම අද දින යුධෝපකරණ මාස්ටර් ඡෙනරාල් ශාඛාවේ සාකච්ඡා ශාලාවේදී පැවැත්වුණි.

එහිදී 2020 වර්ෂය සදහා නව නිළධාරි මණ්ඩලය පහත සඳහන් පරිදි පත් කරනු ලැබීය.

සභාපති - ප්‍රවීණා බණ්ඩාර මැතිණිය
උප සභාපති - සුමුදු රත්නායක මැතිණිය
ලේකම් - මේඡර් ගීතා රන්කොට්ගේ
උප ලේකම් - මේඡර් චතුරිකා බෝම්ඹුවල
භාණ්ඩාගාරික - මේඡර් කල්පනී ප්‍රනාන්දු

ඡාත්‍යන්තර සම්මානලාභි 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කෝප්‍රල් නිශාන්ති ඡේ සී එල් ඇගයීම වස් ඇය හට මුදල් පරිත්‍යාගයක් සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනිය අතින් එම අවස්ථාවේදී පිරි නමන ලදී.