Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

16th March 2020 19:52:54 Hours

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් වැඩසටහනක්

සිරස රූපවාහිනි මාධ්‍ය ජාලය මගින් පවත්වන “ Lunch Time TV” වැඩසටහන ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව මෙවර ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය හා එක්ව ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය - යුද්ධ හමුදා ජනපදයේදී 2020 මාර්තු මස 08 වන දින පවත්වන ලදී. මේ සඳහා නිළධාරීන් හා සෙසුනිළයන් බොහෝ සංඛ්‍යාවක් සහභාගී වූ අතර මෙම වැඩසටහන විචිත්‍රවත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදු සේවා බලකා සංගීත කණ්ඩායම සංගීතයෙන් සහයෝගය ලබා දෙන ලදී.