Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

14th October 2019 10:55:58 Hours

පළවන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකා‍ය සිය අභිමානවත් 40 වන සංවත්සරය සමරයි

පළවන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකා‍යේ 40 වන සංවත්සරය නිමිති කොටගෙන සංවිධානය කරන ලද වැඩසටහන් මාලාවක් 1 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අණදෙන නිලධාරිණී, මේජර් ජී එස් රන්කොට්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීණියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. සම්ප්‍රදායානුකූලව අණදෙන නිලධාරිණිය හට සම්මාන මුරයක් පිරිනැමීමෙන් ආරම්භ කරන ලද මෙම වැඩසටහන් මාලාව සියළු නිලයින්ගේ තේ පැන් සංග්‍රහය, කළුඅග්ගල කඳවුරු භූමියේදී පැවැත්වූ මා පිය වන්දනා වැඩසටහන, සංඝගත දක්ෂිණාව වෙත දහවල් දානය පිරිනැමීම හා සියළු නිලයන්ගේ දිවා භෝජන සංග්‍රහය යනාදි අංග රැසකින් සමන්විත විය.

2019 සැප්තැම්බර් මස 13 - 15 දක්වා බළඇණි දිනය අළලා මයිලඩි පලාලි හි පිහිටි 7 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා කඳවුර වෙත යාමට සංවිධානය කරන ලද විනෝද චාරිකාව අන්තර් ඒකක සුහදතාවය වර්ධනය කිරිමක් ද විය.