Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

14th October 2019 09:44:01 Hours

7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය උරානි ප්‍රාථමික පාසැලේ සිසු දරු දැරියන් සමග ලෝක ළමා දිනය සමරයි

2019 ඔක්තෝබර් මස 01 වන දිනට යෙදුනු ලෝක ළමා දිනයට සමගාමීව මයිලඩි හි උරානි ප්‍රාථමික පාසැලේ ඉගෙනුම ලබන අඩු ආදායම්ලාභී දිළිදු පවුල් වල සිසු දරු දැරියන් සඳහා පාසැල් පොත් බෙදාදීමේ වැඩසටහනක් 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ අණදෙන නිලධාරිණී මේජර් ඩී සී එන් බෝම්ඹුවල ජ්‍යෙෂ්ඨ නිලධාරිණියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා නිළධාරිණින්, සෙසුනිලයින්, උරානි ප්‍රාථමික පාසැලේ විදුහල්පති ඇතුළු ගුරු භවතුන් පිරිසක්ද සහභාගී විය.