Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

25th July 2019 11:38:54 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීණියන් සඳහා පැවති සමුගැනීමේ සාදය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ පිලිවෙළින් 3 වන (ස්වේච්ඡා), 4 වන (ස්වේච්ඡා) සහ 5 වන (ස්වේච්ඡා) ඒකකයන්හි අණදෙන නිලධාරිණියන් ලෙස සේවය කරමින් තම ගෞරවාන්විත විසි වසරක යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යනු ලැබූ මේජර් සී විජේතිලක, මේජර් බී එච් එස් ප්‍රනාන්දු සහ මේජර් ජේ පී ගල්ගමුව යන ජ්‍යෙෂ්ඨ නිලධාරිණියන් වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සියළුම නිලධාරිණියන්ගේ සහභාගීත්වයෙන් 2019 ජූලි 05 වන දින විජයබාහු පාබල රෙජිමේන්තු මධස්ථානයේ ‘සැලියුට්’ ශාලාවේදී සමුගැනීමේ සාදයක් පැවැත්විනි.

එම උත්සවය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති, මේජර් ජෙනරාල් එම් මුදන්නායක, මධ්‍යස්ථාන සේනාවිධායක, මේජර් ජෙනරාල් ආර් කේ බී එස් කැටකුඹුර ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද සහභාගි වූ අතර, විශ්‍රාම ගිය ජ්‍යෙෂ්ඨ නිලධාරිණියන් විසින් කාන්තා බලකාය වෙත සිදු කරන ලද සේවය අගයනු වස් බලකාධිපති විසින් ඔවුන්ට සමරු තිලිණ ප්‍රදානය කරන ලදි.