Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

25th December 2023 12:44:29 Hours

ශ්‍රීලයුකාබ සේවා වනිතා ශාඛාව වෙතින් තවත් සමාජ මෙහෙවරක්

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නයෝමි ගුණරත්න මැතිණියගේ නායකත්වය හා මඟපෙන්විම මත නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ඇති 3 වන ස්වේච්ඡා ශ්‍රි ලංකා යුධ හමුදා කාන්තා බළකායේ අණදෙන නිලධාරිණි මේජර් හර්ෂි ද සිල්වා ජ්‍යෙෂ්ඨ නිලධාරිණියගේ අධික්ෂණය යටතේ එම ඒකක භටපිරිස් විසින් නිකවතලන්ද ගෝතමී පෙර පාසලේ ළමුන් සඳහා අවැසි පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2023 දෙසැම්බර් මස 23 වන සෙනසුරදා දින දෙහිඅත්තකණ්ඩිය - ශාලිකා උත්සව ශාලාවේදී එම පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගයට සමගාමීව සංවිධානය කරන ලදි.

මෙහිදි ගෝතමී පෙර පාසලේ අධ්‍යාපනය ලබන අඩු ආදායම් ලභි පවුල් වල දරුවන්ගෙ අධ්‍යපන කටයුතු සඳහා මුලික අවධානය යොමු කරමින් රු.70000.00කට අධික මුල්‍ය වටිනාකමකින් යුත් පාසල් බෑග්, පාසල් උපකරණ සහ අනෙකුත් අත්‍යවශය ලිපි ද්‍රව්‍ය ඇතුලත් ත්‍යාග කට්ටලයන් දරු දැරියන් වෙත ප්‍රධානය කරන ලද අතර මැලිබන් ගාමන්ට් - මහියංගනය, BOP ට්‍රේඩ්ස් - දෙහිඅත්තකණ්ඩිය, KGA ස්ටෝර්ස් - දෙහිඅත්තකණ්ඩිය සහ දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසලේ විදුහල්පති මෙම ව්‍යාපෘතිය සඳහා 3(සෙව්) ශ්‍රිලයුකාබ අණ දෙන නිලධාරිණියගේ ඉල්ලිම පරිදි අනුග්‍රහක දායකත්වය ලබා දෙන ලදි.

මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සේවා වනිතා ශාඛාවේ සභාපතිනී නයෝමි ගුණරත්න මැතිණිය සහභාගි වු අතර මෙහිදි ගෝතමී පෙර පාසලේ දරු දැරියන් විසින් විචිත්‍ර නර්තාංග ඇතුලත් විවිධ ප්‍රසංගයක් ද පවත්වන ලදි. තවද, වැඩසටහන අවසානයේදි සභාපතිතුමිය විසින් පෙර පාසලේ කුඩා දරුවන් සමඟ සුහදශීලී කතා බහක ද නිරත විය.

මෙම වැඩසටහන සඳහා මහියංගනය මැලිබන් ඇඟලුම් ආයතනයේ අධ්‍යක්ෂක තුමන්, BOP ට්‍රේඩර්ස් සහ KGA ස්ටෝර්ස් - දෙහිඅත්තකණ්ඩිය හි කළමනාකරුවන්, දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසලේ විදුහල්පති තුමන් සහ දරුවන්ගේ දෙමාපියන් සහභාගි වු අතර මෙම මෙම සමාජ මෙහෙවර සාර්ථක කර ගැනිම සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය ( නැගෙනහිර) හි මාණ්ඩලික නිලධාරීන්, 3 වන ස්වේච්ඡා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායෙහි අණදෙන නිලධාරීණිය ඇතුළු සියළු නිලයන් සිය සහයෝගය ලබා දෙන ලදි.