Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

25th July 2019 11:54:04 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ 2019 වර්ෂයේ නිලධාරී පුහුණු වැඩසටහන (දෙවන අධියර).

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ 2019 වර්ෂයේ නිලධාරී පුහුණු වැඩ සටහන (දෙවන අධියර) බළකාධිපති, මේජර් ජෙනරාල් එම් මුදන්නායක ආර්එස් පී යුඑස්පී හා මධ්‍යස්ථාන සේනාවිධායක, මේජර් ජෙනරාල් ආර් කේ බී එස් කැටකුඹුර ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මග පෙන්වීම හා අධීක්ෂණය යටතේ 2019 ජූලි මස 05 වන දින විජයබාහු පාබල රෙජිමේන්තු මධස්ථානයේදී පවත්වන ලදී.

මෙම නිලධාරී පුහුණු වැඩසටහන ශාරීරික යෝග්‍යතා පුහුණුව සහ අසි සරඹ යන අංගයන් ගෙන් ආරම්භ කරන ලද අතර, 21 වන සේනාංකයෙහි ප්‍රමානි I (ක්‍රියාන්විත) ලෙස කටයුතු කරන ලුතිනන් කර්නල් එම්එම්ටී බණ්ඩාර යූඑස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් සිදුකරන ලද ‘සේවා ලිපි මූලධර්ම’ සබැඳි හරවත් දේශනය නිලධාරිණියන්ගේ දැනුම වර්ධනයට මහත් සේ උපකාරී විය.

මෙම නිලධාරී පුහුණු වැඩ සටහනෙහි දෙවන අර්ධයෙහි 2(සෙව්) ශ්‍රීලයුකාබ හි නිලධාරිණියන් විසින් ‘ Training of Sri Lanka Army in National Disaster Relief’ යන මාතෘකාව යටතේ ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදී.

විජයබාහු පාබල රෙජිමේන්තුවේ ‘සැලියුට්’ ශාලාවේදී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙහි ජ්‍යෙෂ්ඨ කථිකාචාරිණි ආචාර්ය ලක්ෂිකා ලියනගේ මහත්මිය විසින් පවත්වන ලද ‘Coping and Managing Work and Home Stresses’ යන මාතෘකාව ඔස්සේ පැවැත්වූ හරවත් දේශනය සමග නිලධාරී පුහුණු වැඩසටහන නිමාවට පත් විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ 2019 වර්ෂයේ නිලධාරී පුහුණු වැඩ සටහන (දෙවන අධියර) සාර්ථක කර ගැනීම සඳහා විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ, මධ්‍යස්ථාන සේනාවිධායකතුමා ඇතුළු සියළුම නිලධාරීන්ගෙන්ද, සෙසු නිලයින්ගෙන්ද ලද සහය මහත් සේ පිටුවහලක් විය.