Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

04th March 2020 09:45:19 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නව කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් සී එම් ඩී පී චන්ද්‍රසේකර එන්ඩීයූ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නව කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් සී එම් ඩී පී චන්ද්‍රසේකර එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිළධාරි 2020 පෙබරවාරි මස 26 වන දින වැඩ භාර ගන්නා ලදි.

රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී නව කර්නල් සේනාවිධායකහට සම්මාන මුරයක් ප්‍රදානය කල අතර, ආගමික වතාවත් මධ්‍යයේ මේජර් ජෙනරාල් සී එම් ඩී පී චන්ද්‍රසේකර එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිළධාරි සුභ මොහොතින් වැඩ ආරම්භ කරන ලදි.

පත්වූ කර්නල් සේනාවිධායක පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සියලු නිලයින් විසින් තේ පැන් සංග්‍රහයක් පැවැත්වූ අතර, එහිදී නව කර්නල් සේනාවිධායක විසින් සියලු නිලයින් අමතන ලදි.