Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

04th July 2023 19:09:27 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක තුමන්ගේ මග පෙන්වීම මත ශ්‍රිලයුකාබ සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහා සභා රැස්වීම අති සාර්ථකව රෙම ඉසේරෙහිදී

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහා සභා රැස්වීම නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් යූ ඩී විජේසේකර ආර්ඩබ්ලිවිපී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ මගපෙන්වීම මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ශ්‍යාමලී විජේසේකර මැතිණියගේ ප්‍රධානත්වයන් 2023 ජුනි 28 වන දින පනාගොඩ ඉංජිනේරු සේවා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සේවා වනිතා ශාඛාවේ විධායක කමිටුව සහ සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදි.

යුද්ධ හමුදා සේවා වනිතා ගීය ගායනා කිරීමෙන් අනතුරුව වාර්ෂික මහසභා රැස්වීමේ ඉදිරි වැඩ කටයුතු ආරම්භ වූ අතර නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ආඥාපති සහ ශ්‍රී ලංකා යුධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් දර්ශන විජේසේකර ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විසින් සමාරම්භක ප්‍රකාශය සිදුකරන ලදී

මෙම මහා සභා රැස්වීමේදී රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ප්‍රතිලාභ සඳහා සිදුකරන ලද සහ ක්‍රියාත්මක කිරීමට නියමිත විවිධ සුබසාධන කටයුතුවලට අදාළ කරුණු ගැඹුරින් සාකච්ඡා කරන ලද අතර ශ්‍යාමලී විජේසේකර මැතිණිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සේවා වනිතා ශාඛාවේ වත්මන් සභාපතිනිය ලෙස සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කල පසු සේවා වනිතා ශාඛාව මගින් මෙතෙක් දියත් කරන ලද සුබසාධන ව්‍යාපෘති පිලිබදව සැකසුනු කෙටි වීඩියෝ පටයක් ද මෙහිදී සභාවාරය සදහා රැස්ව සිටි පිරිසට දැකබලා ගැනීමට අවස්ථාව සැලසීය. තවද ඉදිරියේදී සිදුකිරීමට නියමිත ව්‍යාපෘතින් පිළිබඳව සභාපතිතුමිය වැඩිදුරටත් සිය අවධානය යොමුකල අතර ඒ් සදහා සේවා වනිතා ශාඛාවේ සමාජිකාවන්ගේ නව යෝජනා හා අදහස් විමසා බලා සාකච්ඡා කරන ලදී. මෙම වාර්ෂික මහා සභා රැස්වීමට සමගාමීව සේවා වනිතා ශාඛාවේ තවත් එක් සමාජ සත්කාරයක් ලෙස කර්නල් සේනාවිධායකතුමන්ගේ සහ එම මැතිණියගේ සංකල්පයක් හා දායකත්වය මත රෙම ශ්‍රිලයුකාබ හා 1 ශ්‍රිලයුකාබ යටතේ රාජකාරි නියුතු සිවිල් කාර්ය මණ්ඩලය වෙත විවිධ වර්ගයේ එළවළු වර්ග 13 කින් සමන්විත නැවුම් එළවළු මලු පරිත්‍යාග කිරීමක්ද සිදුකරන ලදී.