Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

11th February 2020 16:56:36 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 16 වන මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස කර්නල් ආර් එම් ජේ බී රත්නායක ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිළධාරී සිය ධූරයේ වැඩ ආරම්භ කරන ලදි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 16 වන මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස කර්නල් ආර් එම් ජේ බී රත්නායක ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිළධාරී ආගමික වතාවත්වලට අනුකූලව සුබ මොහොතින් සිය ධූරයේ වැඩ ආරම්භ කරන ලදි.

පත් වූ නව මධ්‍යස්ථාන සේනාවිධායක පිළිගැනීම සදහා රෙජිමේන්තු මධ්‍යස්ථානයදී සම්මාන මුරයක් ප්‍රදානය කළ අතර, සියලු නිළයන් විසින් තේ පැන් සංග්‍රහයක්ද පවත්වන ලදි. එම අවස්ථාවේ නව මධ්‍යස්ථාන සේනාවිධායක විසින් සියලු නිළයින් අමතන ලදි.