Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

08th January 2020 13:13:32 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ 22 වන සංවත්සරයට සමගාමීව පැවැත්වූ නිළධාරී සෙසුනිළ සුහද හමුව

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ 22 වන සංවත්සරයට සමගාමීව නිළධාරී සෙසුනිළ සුහද හමුවක් කුකුලේගඟ - ලයා ලෙෂර් හි පැවැත්විණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් ඩී ඒ පී එන් දෙමටන්පිටිය එන්ඩීයූ පීඑස්සී හා බ්‍රිගේඩියර් ඩබ් එස් ඒ දිසානායක ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ගේ සංකල්පය සහ මඟපෙන්වීම යටතේ සංවිධානය කෙරුණු මෙම නිලධාරී/සෙසුනිළ සුහද හමුව විවිධ විශේෂාංග රාශියකින් සමන්විත විය.

2018/2019 වර්ෂවල ජාත්‍යන්තර මට්ටමේ තරඟාවලි සඳහා සහභාගී වූ පදක්කම්ලාභී ක්‍රීඩිකාවන් හට ඔවුන්ගේ කුසලතා අගයනු වස් බලකාධිපතිතුමන් විසින් සහතික පත්‍ර පිරිනමමින් ඔවුන් දිරිගැන්වීය.

තවද කාන්තා බලකා සියළු නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් ලොතරැයි දිනුම් ඇදීමක් සිදු කිරීම හා ජයග්‍රාහිකාවන් සඳහා ත්‍යාග ප්‍රධානෝත්සවයක් සිදු කරන ලදී.

ක්‍රීඩා-තරඟ, නැටුම් - වැයුම් මධ්‍යයයේ ඉතා සාර්ථක ලෙස සංවිධානය කෙරුණු මෙම නිළධාරී/සෙසුනිළ සුහද හමුව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සියළුම නිළයින් සහභාගී විය.