Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

04th April 2023 11:52:38 Hours

ශ්‍රිලයුකාබ සේවා වනිතා ශාඛාවෙි තවත් සමාජ මෙහෙවරක්

ශ්‍රි ලංකා යුධ හමුදා කාන්තා බලකා සේවා වන්තා ශාඛාවේ සභාපත්නි ශ්‍යාමලී විජේසේකර මැතිණියගේ නායකත්වය හා මග මෙන්වීම මත ජගත් පුෂ්පකුමාර මහතාගේ පෙද්ගලික ධන පරිත්‍යාගයෙන් රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සහ ඒ් යටතේ පාලනය වන අනෙකුත් කාන්තා බලකා ඒ්කකයන් හි රාජකාරි කටයුතු කරන සිවිල් සේවක මහත්ම මහත්මීන් 23 දෙනෙතු සදහා ඇස් කණ්නාඩි ලබාදීමෙි විශේෂ වැඩසටහනක් 2023 අප්‍රේල් මස පළමුවැනි දින රෙම ශ්‍රීලයුකාබ බොරැල්ලහිදී පවත්වන ලදී.

ජගත් පුෂ්පකුමාර මහතාගේ ආදරනීය බිරිද සුරංගි ප්‍රියංගිකා මහත්මියගේ ජන්ම දිනය සමරනු පිණිස මෙම සමාජ මෙහෙවර සංවිධානය කළ අතර ඒ් සදහා ශ්‍රි ලංකා යුධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ශ්‍යාමලී විජේසේකර මැතිණිය ,සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුලු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිළධාරීන් සෙසු නිළයන්ද 1 ශ්‍රීලයුකාබ හි අණදෙන නිලධාරිණි සමග නිලධාරිණියන් හා සෙසුනිලයින් පිරිසක්ද සහභාගි විය.