Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

22nd May 2024 18:22:35 Hours

ශ්‍රිලයුකාබ සේවා වනිතා ශාඛාව 3(සෙව්) ශ්‍රිලයුකාබ සමඟින් එකට එක්ව තවත් සමාජ මෙහෙවරක් දියත් කෙරේ

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි උදුලා කස්තුරිමුදලි මැතිණියගේ සංකල්පයක් මත ගර්භනි සෙබළියන්ගේ සුභසාධනය ඉහල නැංවිමේ අරමුණින් එම සෙබලියන් හට වියළි සළාක මලු හා අත්‍යවශ්‍ය ළදරු භාණ්ඩ පිරිනැමීමේ වැඩසටහනක් 2024 මැයි මස 16 වන දින සදුන්පුර 3 වන ස්වේච්ඡා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා කදවුරු පරිශ්‍රෙය්දි පැවැත්විණි.

තවද, එම වැඩසටහනට සමගාමීව ප්‍රසව හා නාරිවේද සෞඛ්‍ය ගැටලු පිළිබඳ කාන්තා සෙබළියන් දැනුවත් කිරිමේ සෞඛ්‍ය වැඩසටහනක්ද සංවිධානය කර තිබු අතර මෙම උත්සව අවස්ථාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි උදුලා කස්තුරිමුදලි මැතිණියගේ සහභාගීත්වයෙන් ඉතා සාර්ථක අන්දමින් නිමාවට පත් විය.