Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

04th July 2023 19:05:49 Hours

ශ්‍රිලයුකාබ නිලධාරිණි පුහුණු දින වැඩසටහන රෙමඉසේරෙ හිදී

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නිලධාරීණියන්ගේ පෞර්ෂත්වය , වෘත්තීය කුසලතාවයන් සහ ඉදිරි ප්‍රගමනය වර්ධනය කිරීම සදහා රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද 2023 හි දෙවන කාර්තුව සදහා වන නිලධාරීණි පුහුණු දින වැඩසටහන 2023 ජුනි මස 28 වන දින පනාගොඩ ඉංජිනේරු සේවා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක සහ නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් යූ.ඩී. විජේසේකර ආර්ඩබ්ලිවිපී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ මඟපෙන්වීම මත, මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ජේකේආර් ජයකොඩි ආර්ඩබ්ලිවිපී යූඑස්පී ගේ අධීක්ෂණයෙන් පැවැත්වූ මෙම පුහුණු වීම් දින වැඩසටහන සදහා රෙජිමේන්තු මධ්‍යස්ථානයට අයත් ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීනියන් රැසක් සහභාගි වූහ.

1 වන විශේෂ බලකා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් ජේටීපීකේපී අල්විස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් “ස්ත්‍රීත්වයේ දර්ශනය සහ සමතුලිත සමාජය සඳහා කාන්තා භූමිකාවේ ධර්මිෂ්ඨකම" යන මැයෙන් වැඩසටනේ ප්‍රථම දේශනය සිදුකල අතර මනෝ උපදේශක චිකිත්සකවරියක් මෙන්ම 1 ශ්‍රිලයුකාබහි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වන ලුතිතන් කර්නල් කේ. එම් මුතාලිෆ් (විශ්‍රාමික) ශ්‍රිලයුකාබ විසින් ඇයගේ රාජකාරි දිවිය තුල ලබා ගත් අත්දැකීම් සහ දැනුම තුලින් පුහුණු දින වැඩසටහනේ දෙවන අදියර සදහා ඵලදායී දේශනයක් පවත්වන ලදී. දිවා ආහාරයෙන් අනතුරුව මනෝවිද්‍යා උපදේශිකා භාග්‍යා අබේසිංහ මහත්මිය විසින් “කාන්තාව සහ ආදරය” මැයෙන් හරවත් දේශනයක්ද පවත්වන ලදී.

පුහුණු දින වැඩසටහනේ අවසන් අදියර ලෙස 3 වන විශේෂ බලකා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එස්එම්එන්කේබී සෙනෙවිරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී විසින් “ශ්‍රී ලාංකේය සංස්කෘතියේ ඉතිහාසය” පිළිබඳ විශේෂ සංස්කෘතිකමය අංග ඇතුලත් වැඩසටහනක් සිදුකල අතර ඉන් අනතුරුව 1 ශ්‍රිලයුකාබහි අණදෙන නිලධාරීණි මේජර් ටීටීකේකේ ප්‍රනාන්දු පීඑස්සී ශ්‍රිලයුකාබ විසින් රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අනාගත ව්‍යාපෘති සහ ශ්‍රිලයුකාබ නිලධාරිනියන් විසින් පාඨමාලා හැදෑරීමේ වැදගත්කම පිළිබඳව කෙටි දේශනයක් ද පවත්වන ලදී. තවද වැඩසටහන අවසානයේ මෙයට සමගාමීව නිලධාරීන්ගේ සුහද හමුවක්ද රෙම ඉසේරෙ නිලධාරි නිවස්නයේදී පැවැත්විණි.