Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

10th January 2024 00:28:19 Hours

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරිමෙන් පසු ප්‍රථම වරට කාන්තා බලකා ඒකකයන්හි නිල කඳවුරු සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර හා ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පී එන්ඩීයු පිඑස්සී අයිජී ජ්‍යෙෂ්ඨ නිලධාරි කාන්තා බලකායේ 24 වන කර්නල් සේනාවිධායක ලෙස සිය ධුරයේ අභිනවයෙන් රාජකාරි කටයුතු ආරම්භ කිරිමෙන් අනතුරුව 2024 ජනවාරි මස 06,07 හා 08 යන දිනයන්හිදි කාන්තා බලකා ඒකකයන්හි නිල කඳවුරු සංචාරයක නිරත විම සිදු කරන ලදි. ඒ අනුව 2 (සෙව්) ශ්‍රිලයුකාබ, 3 (සෙව්) ශ්‍රිලයුකාබ සහ 7 ශ්‍රිලයුකාබයන්හි නිරීක්‍ෂණ චාරිකාවක නිරත වු මෙතුමන් එහිදි එක් එක් ඒකකයන්හි සියළු නිලයන් ආමන්ත්‍රණය කරන ලද අතර ඒකකයන් තුල පවතින පාලන ගැටළු පිළිබඳව මුලික අවධානය යොමු කරමින් පවතින ගැටළු සඳහා කඩිනම් පිලිතුරු මෙන්ම ඉදිරි කටයුතු සඳහා අණ දෙන නිලධාරින් වෙත තවදුරටත් උපදෙස් සහ මගපෙන්විම ලබා දෙන ලදි.

මෙම කඳවුරු සංචාරය සඳහා රෙජිමේන්තුව නියෝජනය කරමින් මධ්‍යස්ථාන සේනාවිධායක,කර්නල්(පාලන),මානි I හා මානි II තනතුරු හොබවන ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ රෙජිමේන්තු විධායක අධිකාරිණි සහභාගි වුහ.