Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

26th August 2023 12:03:21 Hours

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව සහ රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද එක්දින වැඩමුළුව අති සාර්ථකව නිමා විය.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක සහ ආඥාපති ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) මේජර් ජෙනරාල් යූඩි විජේසේකර ආර්ඩබ්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සහ ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවාවනිතා ශාඛාවේ සභාපතිණි ශ්‍යාමලී විජේසේකර මැතිණියගේ මඟපෙන්වීම හා සංකල්පයකට අනුව රෙජිමේන්තු මධ්‍යස්ථානය හා 1 ශ්‍රිලයුකාබ යටතේ රාජකාරි නියුතු සියළුම නිලයන් සඳහා එක්දින වැඩමුළුවක් 2023 අගෝස්තු මස 22 වන දින බොරැල්ලේ පිහිටි රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී අති සාර්ථකව පවත්වන ලදී.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා කර්නල් සේනාවිධායක හා ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවාවනිතා ශාඛාවේ සභාපතිතුමියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා වර්තමානයේ සක්‍රීය රාජකාරි කටයුතු වල නියලීමේ දී සෑම පුද්ගලයෙකුම යහපත් හා නීරෝගිමත් ශරීරයකින් යුතුවීම සහ විවිධ අසමතුලිත ආහාර රටාවන් නිසා ඇති වන ලෙඩරෝග වලින් වැලකී සිටිමින් නිරෝගීමත් දිවි පෙවතක් ගත කිරීමට අවැසි ආහාර වට්ටෝරුන් පිලිබඳ උපදෙස් ඇතුලත් වු හරවත් දේශණයක් ගල්කිස්ස හෝටලයේ සූපවේදී සහ ප්‍රවර්ධන කටයුතු අධ්‍යක්ෂක දේශබන්දු ආචාර්ය පබිලිස් සිල්වා මහතා විසින් සිදු කරන ලදී.

ඉන් අනතුරුව වැඩසටහනේ දෙවන දේශණ වාරය ලෙස දේශබන්දු ආචාර්ය පබිලිස් සිල්වා මහතාගේ ලේකම් ලෙස කටයුතු කරන ලබන ප්‍රවිණ කේක් නිර්මාණ ශිල්පිණී නිමාකෝ ද සිල්වා මහත්මිය කේක් නිර්මාණ සහ සැරසිලි පිලිබඳ ඉතා වැදගත් තොරතුරු ඇතුලත්ව ප්‍රායෝගීක ක්‍රියාකාරකම් සහිත දේශණයක් සිය පුතුණුවන්ගේ නිර්මාණ දායකත්වය සමඟින් සිදු කරන ලදී.

දහවල් ආහාරයෙන් අනතුරුව නිවැරදි මල් සැකසුම් නිර්මාණය පිළිබඳව “2nd Chance Flowers “හි අධිපති ප්‍රවීණ මල් සැකසුම් නිර්මාණ ශිල්පී සුමින්ද පෙරේරා මහතා විසින් ප්‍රායෝගීක න්‍යයායන් සමඟින් විශේෂ දේශණයක් පවත් වන ලදී.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවාවනිතා ශාඛාව සහ රෙජිමේන්තු මධ්‍යස්ථානය එකට එක්ව සංවිධානය කරනු ලැබූ මෙම වැඩ සටහන සඳහා සේවාවනිතා ශාඛාවේ උප සභාපතිණි ඉදුනිල් ජයකොඩි මහත්මිය, මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සහ1 ශ්‍රිලයුකාබහි සෙසු නිලයින් රැසක් සහභාගී වූහ.