Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

04th October 2023 12:31:58 Hours

විශ්ව ලෝක ළමා දිනය නිමිති කොටගෙන ශ්‍රිලයුකාබ සේවා වනිතා ශාඛාව සහ රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙතින් විශේෂ ළමා දින වැඩසටහනක්

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක සහ ආරක්‍ෂක සේනා මුලස්ථාන (බටහිර) ආඥාපති මේජර් ජෙනරල් යු ඩී විජේසේකර ආර්ඩබ්පී ආර්එස්පී යුඑස්පී ආර්සිඩිඑස් පීඑස්සී සහ ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ශ්‍යාමලි විජේසේකර මැතිණියගේ නායකත්වය සහ මඟපෙන්විම මත කළුතර නෑහින්න කණිෂ්ඨ විද්‍යාලයේ සිසුන් 154 දෙනෙකු සඳහා විශ්ව ලෝක ළමා දිනය නිමිති කොටගෙන ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව සහ රෙජිමේන්තු මධ්‍යස්ථානය එකට එක්ව විශේෂ ළමා දින වැඩසටහනක් 2023 ඔක්තෝම්බර් 02 සඳුදා දින එම විදුහල් පරිශ්‍රයේදි අතිසාර්ථකව පවත්වන ලදි.

මෙහිදි සිසුන් විසින් විචිත්‍ර නර්තනාංග ඇතුලත් ප්‍රසංගයක් ඉදිරිපත් කල අතර ඉන් අනතුරුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව මගින් දරු දැරියන්ගේ විනෝදස්වාදය උදෙසා විවිධ විනෝද ක්‍රිඩා ඇතුලත් විශේෂ සංගීත වැඩසටහනක් පවත්වන ලදි. තවද විදුහලේ සියලුම සිසුන් සහ ගුරුභවතුන් සඳහා උදෑසන තේ පැන් සංග්‍රහයක් සහ දහවල් ආහාරයද ලබා දුන් අතර වැඩසටහන අවසානයේ කර්නල් සේනාවිධායක සහ සභාපතිතුමියගේ සුරතින් විද්‍යාලය තුල අධ්‍යාපනය ලබන සිසුන් 154 දෙනාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා අවැසි ලිපි ද්‍රව්‍ය ඇතුලත් වටිනා ත්‍යාග කට්ටල ප්‍රදානය කරන ලදි.

මෙම සමාජ මෙහෙවර සාර්ථක කර ගැනිම සඳහා ආරක්‍ෂක සේනා මුලස්ථානය (බටහිර),612 බලසේනා මුලස්ථානය, 9 වන ගැමුණු හේවා බලකාය සහ 1වන පුරෝගාමි බලකාය සහයෝගය ලබා දුන් අතර මෙම දිනයට සමගාමීව කර්නල් සේනාවිධායකගේ දායකත්වය මත මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටීමට නියමිත රෙජිමේන්තු මධ්‍යස්ථානය යටතේ රාජකාරී නියුතු නිලධාරිණියන්ගේ සහ සෙසුනිළයින්ගේ දුවා දරුවන් සඳහා විශේෂ ඉලක්ක ප්‍රශ්ණ පත්‍ර කට්ටල ප්‍රදානය කිරීමද සිදු කරන ලදි.