Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

17th April 2023 18:06:43 Hours

රෙමශ්‍රිලයුකාබ සිංහල හා දමිල අලුත් අවුරුදු උත්සවය සමරයි

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය යටතේ සහ ඒ යටතේ පාලනය වන අනෙකුත් කාත්තා බලකා ඒකකයන්හි රාජකාරියෙහි නියුතු සියළුම නිලයන්ගේ සහභාගිත්වයෙන් සිංහල හා දමිල අලුත් අවුරුදු උත්සවයක් 2023 අප්‍රේල් මස 11 වන දින බොරැල්ල පිහිටි රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයෙදි පවත්වනු ලැබිය.මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආඥාපති ආරක්‍ෂක සේනා මුලස්ථානය(මුලතිව්) හා ශ්‍රිලංකා යුද්ධ හමුදා කාන්තා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් දර්ශන විජේසේකර සහ ශ්‍රිලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවාවනිතා ශාඛා සභාපතිනි ශ්‍යාමලි විජේසේකර මැතිණිය සහභාගි විය.

මෙහිදි මෙම උත්සවයට සමගාමිව සිංහල හා දමිල අලුත් අවුරුද්ද නිමිති කොට ගෙන රෙජිමේන්තු මධ්‍යස්ථානය යටතේ සහ 1 ශ්‍රිලයුකාබ යටතේ රාජකාරි කටයුතු සිදු කරනු ලබන සිවිල් සේවක මහත්ම මහත්මින් සඳහා කර්නල් සේනාවිධායක හා එම මැතිණියගේ සුරතින් වියළි ආහාර සහ විශේෂ ත්‍යාගයන් ලබා දිම ද සිදු විය. තවද,උත්සව අවස්ථාව සඳහා මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු රෙජීමේන්තු මධ්‍යස්ථානයේ සහ අනෙකුත් ඒකකයන්හි භට පිරිස් විශාල පිරිසක් සහභාගි වු අතර මෙම අවුරුදු උත්සවය සඳහා සාම්ප්‍රධායික ක්‍රිඩා හා විනෝදාත්මක අංගයන් රැසක් ඇතුලත් විය.