Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

14th May 2024 09:13:58 Hours

රෙමශ්‍රිලයුකාබ සහ 1ශ්‍රිලයුකාබ යටතේ රාජකාරි නියුතු ගර්භනී සෙබලියන් සඳහා ළදරු භාණ්ඩ ඇතුලත් ත්‍යාග කට්ටල සහ වියළි සලාක මළු බෙදාදීමේ තවත් සමාජ මෙහෙවරක් ශ්‍රිලයුකාබ සේවා වනිතා ශාඛාව වෙතින්

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණි උදුලා කස්තුරිමුදලි මැතිනියගේ නායකත්වය හා මග පෙන්වීම මත ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජීමේන්තු මධ්‍යස්ථානයේ සහ1 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය යටතේ රාජකාරි කටයුතු සිදුකරන ගර්භණි කාන්තා සෙබළියන් සඳහා ඔවුන් දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගත වීමේදී අනිවාර්යෙන් රැගෙන යා යුතු ළදරු භාණ්ඩ ඇතුලත් ත්‍යාග කට්ටල බෙදාදීමේ හා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඇතුලත් වියලි සලාක මළු ප්‍රධානය කිරිමේ වැඩසටහනක් ශ්‍රි ලංකා යුද්ධ හමුදා බලකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණි උදුලා කස්තුරිමුදලි මැතිනියගේ ප්‍රධානත්වයෙන් 2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා දින බොරැල්ල පිහිටි රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී සිදු කෙරුනි. ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව ගරු සභාපතිතුමියගේ පෞද්ගලික ධන පරිත්‍යාගයක් සහ රෙම ශ්‍රිලයුකාබ සේවා වනිතා ශාඛාවේ දායකත්වය මත මෙම සමාජ මෙහෙවර ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් සංවිධානය කරන ලද අතර එහිදී එක් ත්‍යාග පාර්සලයක වටිනාකමක රුපියල් 8000 ක් පමණ වන මෙම ළදරු භාණ්ඩ ඇතුලත් ත්‍යාග පාර්සල් සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඇතුලත් වියලි සලාක මළු යටතේ රෙජීමේන්තු මධ්‍යස්ථානයේ සහ 1ශ්‍රිලයුකාබහී රාජකාරි කටයුතු සිදුකරන ගර්භණි කාන්තා සෙබළියන් 16 දෙනෙකු සඳහා ප්‍රධානය කිරීම සිදු කරන ලදි.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණිය, උපසභාපතිනිය සහ මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සියලු නිලයන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.