Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

26th May 2024 16:11:06 Hours

රෙමශ්‍රිලයුකාබ සහ 1ශ්‍රිලයුකාබ එකට එක්ව වෙසක් පොහොය දිනයට සමගාමීව දන්සලක් පවත්වයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානය සහ පලමුවන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය එකට එක්ව වෙසක් පොහොය දිනය නිමිත්තෙන් 2024 මැයි මස 23 වන වෙසක් පොහොය දින සවස 0400ට රෙජිමේන්තු මධ්‍යස්ථානය බොරැල්ල ඉදිරිපිට දි සාර්ථකව සංවිධානය කරන ලදි. එම දන්සල සඳහා ප්‍රදේශයේ සිවිල් වැසියන් දහස් ගණනක් සහභාගී වූහ. 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ නායකත්වය හා මඟපෙන්වීම මත රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සහ පලමුවන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සියළු නිලයන්ගේ මුලික සංවිධාන ශක්තිය, අනුග්‍රාහකත්වය සහ දායකත්වය මත මෙම දන්සල පවත්වන ලදි.

මෙම දන්සල ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණි උදුලා කස්තුරිමුදලි මැතිනියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුන අතර මධ්‍යස්ථාන සේනාවිධායක , ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ උප සභාපතිනිය,1ශ්‍රිලයුකාබහි අණදෙන නිලධාරිණි ඇතුළු රෙජීමේන්තු මධ්‍යස්ථානයේ සහ පලමුවන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සියලු නිලයන් රැසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.