Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

31st January 2024 12:15:26 Hours

රෙම ශ්‍රීලයුකාබ සේවා වනිතා ශාඛාව වෙතින් “සම ආශ්‍රීත රෝග” පිළිබඳව දැනුවත් කිරීම සබැඳි හරවත් දේශණයක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නයෝමි ගුණරත්න මැතිණියගේ සංකල්පයක් හා මඟපෙන්වීම මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව මඟින් “සම ආශ්‍රීත රෝග” පිළිබඳව දැනුවත් කිරීම සබැඳිව හරවත් දේශණයක් 2024 ජනවාරි මස 31 වන බදාදා දින රෙජිමේන්තු මධ්‍යස්ථානය බොරැල්ලහිදී පවත්වන ලදී.

යුද්ධ හමුදා රෝහල - කොළඹහි චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය බ්‍රිගේඩියර් කේ පී නිශාන්ත පතිරණ MBBS (Sri Lanka), MD (Dermatology) ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් මෙම හරවත් දේශණය මෙහෙයවන ලද අතර, මෙම දේශණය සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථානය සහ 1 ශ්‍රීලයුකාබ යටතේ රාජකාරි නියුතු නිලධාරිණියන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ.