Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

12th January 2024 15:43:14 Hours

රෙම ශ්‍රීලයුකාබ සේවා වනිතා ශාඛාව වෙතින් “කාන්තා සෞඛ්‍යය සහ කාන්තාවන්ට ආවේනික වූ රෝග” පිළිබඳව දැනුවත් කිරීම සබැඳි හරවත් දේශණයක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නයෝමි ගුණරත්න මැතිණියගේ සංකල්පයක් හා මඟපෙන්වීම මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව මඟින් “කාන්තා සෞඛ්‍යය සහ කාන්තාවන්ට ආවේනික වූ රෝග” පිළිබඳව දැනුවත් කිරීම සබැඳිව හරවත් දේශණයක් 2024 ජනවාරි මස 10 වන බදාදා දින රෙජිමේන්තු මධ්‍යස්ථානය බොරැල්ලහිදී පවත්වන ලදී.

ද සොයිසා මාතෘ රෝහල - කොළඹහි ප්‍රසව හා නාරි වෛද්‍ය විශේෂඥ වෛද්‍ය රුවන් සිල්වා (MBBS, MD) මහතා විසින් මෙම හරවත් දේශණය මෙහෙයවන ලද අතර, මෙම දේශණය සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථානය සහ 1 ශ්‍රීලයුකාබ යටතේ රාජකාරි නියුතු නිලධාරිණියන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ.