Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

18th June 2024 10:27:30 Hours

පලවන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ “සාහිත සංහිතා” නව පුස්තකාලය විවෘත කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි, උදුලා කස්තුරිමුදලි මහත්මියගේ සංකල්පයක් වූයේ සියලුම නිලයන් සඳහා පුස්තකාල පහසුකම් ලබාදීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස, “සාහිත සංහිතා” නව පුස්තකාලය 2024 ජුනි මස 12 වන දින පලවන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අණදෙන නිලධාරිණී, මේජර් ඊ එම් එච් සී ද සේරම් පීඑස්සී ශ්‍රීලයුකාබ ජ්‍යෙෂ්ඨ නිලධාරිණියගේ මඟ පෙන්වීම යටතේ සියලුම නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් වැසියන් සමඟ සාර්ථකව නිම කරන ලදී.

ප්‍රධාන ආරාධිත අමුත්තා වූ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි, උදුලා කස්තුරිමුදලි මහත්මිය විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සාමාජිකයන්ගේ පරිහරණය සඳහා “සාහිත සංහිතා” නව පුස්තකාලය විවෘත කරනු ලැබීය. නව පුස්තකාලය ග්‍රන්ථයන් විශාල ප්‍රමාණයකින් සහ පුස්තකාල කළමනාකරණ පද්ධතියකින් සමන්විත වේ.

පුස්තකාලාධිපතිනි, ලුතිතන් පී කේ ආර් එල් එම් දිසානායක ශ්‍රීලයුකාබ නිලධාරිණිය විසින්, ප්‍රධාන ආරාධිත අමුත්තා වූ උදුලා කස්තුරිමුදලි මහත්මිය, ශ්‍රීලයුකාබ සේවා වනිතා ශාඛාවේ උප සභාපතිනි ඉදුනිල් ජයකොඩි මහත්මිය, මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ජේ කේ ආර් ජයකොඩි ආර්ඩබ්ලිව්පී යූඑස්පී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙක් වෙත නව පුස්තකාලයේ සාමාජික කාඩ්පත් ප්‍රදානය කරන ලදී.

පසුව, ආරාධිතයින් සියලු දෙනාහට නව පුස්තකාලය නිරීක්ෂණය කිරීමට අවස්ථාව උදාවිය. ඉන් අනතුරුව, ප්‍රධාන ආරාධිත අමුත්තා වන උදුලා කස්තුරිමුදලි මහත්මිය විසින් පොත්පත් කියවීමේ ඇති වැදගත්කම හා එතුලින් මානසික නිදහස පවත්වාගෙන යමින් රාජකාරී කටයුතු මෙන්ම පෞද්ගලික ජීවිතයටද එය බලපාන ආකාරය පිලිබඳ දැනුවත් කර සියලු නිලයින් ආමන්ත්‍රණය කරන ලදී. එම අවස්ථාවේදී උදුලා කස්තුරිමුදලි මහත්මිය, ඉදුනිල් ජයකොඩි මහත්මිය සහ මේජර් ඊ එම් එච් සී ද සේරම් පීඑස්සී ශ්‍රීලයුකාබ ජ්‍යෙෂ්ඨ නිලධාරිණිය විසින් සංකේතාත්මකව නව පුස්තකාලයට පොත් කට්ටලය බැඟින් පරිත්‍යාග කරන ලදී.