Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

23rd May 2023 15:12:10 Hours

පලවන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය විසින් සංවිධානය කල නීති විරෝධි රැස්වීම් විසුරුවා හැරීමේ පෙරහුරු ක්‍රියාකාරකම

රටෙහි ඕනෑම අවස්ථාවකදී උද්ගතවිය හැකි ප්‍රශ්ණ හමුවේ සිවිල් ජන සමාජය තුල ඇතිවන්නා වු කලහාකාරී අවස්ථාවක නීති විරෝධි රැස්වීම් විසුරුවා හැරීමේ පෙරහුරුවක් මෙන්ම කඳවුර තුල ඇති වන්නා වු හදිසි අවස්ථාවකදී හුටරය ශබ්ද කිරීමෙන් අනතුරුව සෙබලියන්ගේ හා කඳවුරෙහි ආරක්ෂක ක්‍රමවේදයන් සෙබලියන් හට අවබෝධ කරදීම සඳහා පෙරහුරු ක්‍රියාකාරකමක් 1 ශ්‍රීලයුකාබ අණදෙන නිලධාරි මේජර් ටී ටී කේ කේ ප්‍රනාන්දු පිඑස්සි ශ්‍රීලයුකාබ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමියගේ මඟපෙන්වීම යටතේ 2023 මැයි මස 12 වන දින 1ශ්‍රීලයුකාබ කඳවුරු භුමිය තුලදී ඉතා සාර්ථක ලෙස සිදු කරන ලදී.