Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

10th May 2023 09:58:23 Hours

පලමුවන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය වෙසක් උත්සවය සැමරීම

ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ සම්බුදු තෙමඟුල මහත් හරසරින් සමරන පුණ්යුවන්ත වෙසක් සතියේ ගංඟාරාමයේ බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්යබ වෙනුවෙන් බෝසතාණන්ගේ නුවණේ මහිමය ලොවට කියාපාන නලපාන ජාතකය ආරක්ෂක සේනා මුලතිව් ආඥාපති සහ ශ්‍රීලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනා විධායක මේජර් ජෙනරාල් දර්ශන විජේසේකර ජ්යෙහෂ්ඨ නිලධාරි තුමාගේ මඟපෙන්වීම සහ ඒකක අණදෙන නිලධාරිණි මේජර් කල්පනී ප්ර නාන්දු ජ්යෙගෂ්ඨ නිලධාරිණියගේ සහ අනෙකුත් නිලයින්ගේ කැපවීම ඔස්සේ දේශීය අමුද්ර‍ව්යක භාවිතා කර නිර්මාණය කරන ලද පහන් කූඩු රාජයා පලමුුවන ශ්රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අණදෙන නිලධාරිණි මේජර් කල්පනී ප්රුනාන්දු ජ්යෙංෂ්ඨ නිලධාරිණියගේ සුරතින් 2023 මැයි මස 03 වන දින සුභ මොහොතින් විවෘත කරන ලදි. මේ හා සමගාමීව 2023මැයි මස 05 වන වෙසක් පොහෝ දින 1ශ්‍රීලයුකාබ ශ්‍රීලයුකාබ කඳවුර තුළ උදෑසන ධර්ම දේශනාමය පිංකමක් සහ එදින සවස් කාලයේ ගංඟාරාම වෙසක් කලාපය තුළ ඉතාමත් රසවත් කොස් දන්සලක් පවත්වන ලදී.ඊට අමතරව 2023 මැයි මස 06 වන දින 1 ශ්‍රීලයුකාබ කඳවුර තුල සෙබලියන්ගේ දක්ෂතා ඔපනංවමින් වෙසක් කුඩු තරඟයක් ද පවත්වන ලදි.