Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

01st July 2019 15:32:27 Hours

දකුණු කොරියානු ජාත්‍යන්තර කාන්තා නව නිපැයුම් ප්‍රදර්ශණය 2019

කාන්තා නිපැයුම්කරුවන් හට ව්‍යාපාරික සහ ආර්ථික ප්‍රවර්ධනය සඳහා අවස්ථාව ලබාදිම අරමුණ කොටගත් දකුණු කොරියානු ජාත්‍යන්තර කාන්තා නව නිපැයුම් ප්‍රදර්ශණය 2019 ජූනි මස 20 වන දින සිට 25 වන දින දක්වා දකුණු කොරියාවේ සෝල් නුවරදී පැවැත්විණි.

එම ප්‍රදර්ශණය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තම නිර්මාණය ඉදිරිපත් කිරීමට සුදුසුකම් ලැබූ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 5 වන (ස්වේච්ඡා) ඒකකයට අයත් සෙ/6ආර්00326 ලාන්ස් කෝප්‍රල් නිශාන්ති ජේ සී අයි, රටවල් 38 කින් පමණ සහභාගී වූ තරඟකරුවන් 365 දෙනෙක් අතරින් ‘කාන්තා නේවාසිකාගාර සඳහා සනීපාරක්ෂක තුවා සහ අනෙකුත් ජීව අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා කාර්යක්ෂම කසල දාහකය’ නමැති ඇයගේ නව නිපැයුම දෙවන ස්ථානය අත්කර ගනිමින් රිදී පදක්කම හිමි කර ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කාන්තා සෙබළියක් මෙවැනි ජාත්‍යන්තර ප්‍රදර්ශනයකට සහභාගී වී රිදී පදක්කමක් හිමිකර ගත් ප්‍රථම අවස්ථාව මෙය වේ.

මෙම අද්විතීය ජයග්‍රහණය වෙනුවෙන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක, මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු සියළුම නිළධාරීන් ද, සියළුම සෙසු නිලයින්ද සෙ/6ආර්00326 ලාන්ස් කෝප්‍රල් නිශාන්ති ජේ සී අයි හට සුභපැතුම් එක් කර සිටියි.