Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

01st November 2023 21:07:59 Hours

ගැබ්ගෙල පිළිකා සහ පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසය නිමිතිකොටගෙන රෙම ශ්‍රීලයුකාබ සේවා වනිතා ශාඛාව වෙතින් හරවත් දේශණයක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ශ්‍යාමලී විජේසේකර මැතිණියගේ සංකල්පයක් හා මඟපෙන්වීම මත ගැබ්ගෙල පිළිකා සහ පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසය නිමිතිකොටගෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව මඟින් හරවත් දේශණයක් 2023 ඔක්තෝබර් මස 23 වන සදුදා දින රෙජිමේන්තු මධ්‍යස්ථානය බොරැල්ලහිදී පවත්වන ලදී.

යුද්ධ හමුදා රෝහල - නාරාහේන්පිට හි ප්‍රසව හා නාරි වෛද්‍ය අංශය යටතේ රාජකාරි කටයුතු සිදු කරන කපිතන් වෛද්‍ය දිනුෂිකා චන්ද්‍රසිරි නිලධාරිණිය විසින් මෙම දේශණය මෙහෙයවන ලද අතර, මෙම දේශණය සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථානය සහ 1 ශ්‍රීලයුකාබ යටතේ රාජකාරි නියුතු නිලධාරිණියන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ.