Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

16th March 2019 08:51:35 Hours

කැරම් ක්‍රීඩකයින්ට යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උණුසුම් සුභපැතුම්

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් ජයග්‍රහණයන් හිමිකරගත් යුද්ධ හමුදා කැරම් ක්‍රීඩකයින් යුද්ධ හමුදා මූලස්ථානය වෙත ආරාධනා කිරීමෙන් අනතුරුව ඔවුන් ඇගයූමට ලක් කරමින් උණුසුම් සුභපැතුම් පිරිනමන ලදී. මෑත ඉතිහාසයේ ජාත්‍යන්තර, ජාතික, ආරක්‍ෂක සේවා සහ අන්තර් රෙජිමේන්තු මෙන්ම සේනාංක තරඟාවලියන්හිදී ජයග්‍රහණ හිමිකරගත් 3 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ලාන්ස් කෝප්‍රල් එම්.ඩී.එස්. රණවීර මෙලෙස යුද්ධ හමුදාධිපතිතුමන් හමුවිය.මෙම සුහද හමුව අතරතුරදී, යුද්ධ හමුදාධිපතිතුමන් ජයග්‍රහණයන් පිළිබඳ කතාබහට ලක් කරමින් අනාගතයේ දී යුද්ධ හමුදාව සහ රට තුල ක්‍රමානුකූලව ක්‍රීඩා ක්ෂේත්‍රය ඉදිරියට ගෙන ඒමට ඔවුන් දිරිමත් කළහ. තවද, මෙම සුහද හමුව අවසානයේ ජයග්‍රාහකයින් ඇගයුමට ලක් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් සමරු තිළිණ ද ප්‍රදානය කළහ. මෙම සුහද හමුව සඳහා යුද සේවා ලේකම් මෙන්ම ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් අජිත් විජේසිංහ, යුද්ධ හමුදා කැරම් කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් රංජිත් ධර්මසිරි, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ආර්.කේ.බී.එස්. කැටකුඹුර සහ යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් ක්‍රීඩා, කර්නල් ආර්. බෙන්ජමින් සහභාගී වූහ.