Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

10th May 2023 20:08:15 Hours

අභිනවයෙන් ඉදි කරන ලද ‘ඔලිව්’ රූපලාවන්‍යාගාරය විවෘත කිරීමේ සහ ගර්භනී සෙබලියන් සඳහා ළදරු භාණ්ඩ ඇතුලත් ත්‍යාග කට්ටල බෙදාදීමේ තවත් සමාජ මෙහෙවරක් ශ්‍රිලයුකාබ වෙතින්

ආරක්‍ෂක සේනා මුලතිව් ආඥාපති සහ ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් දර්ශන විජේසේකර හා ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිණි ශ්‍යාමලී විජේසේකර මැතිනියගේ නායකත්වය හා මග පෙන්වීම මත ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ඒකක වල රාජකාරි කටයුතු සිදුකරන ගර්භණි කාලසීමාව මාස 05 ට වඩා වැඩි සියළුම ගර්භණි කාන්තා සෙබළියන්ට දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගත වීමේදී අනිවාර්යෙන් රැගෙන යා යුතු ළදරු භාණ්ඩ ඇතුලත් ත්‍යාග කට්ටල බෙදාදීමේ හා රෙජිමේන්තු මධ්‍යස්ථානය තුල දීර්ඝ කාලක් පුරා අඩුවක්ව පැවති අභිනවයෙන් ඉදි කරන ලද ‘ඔලිව්’ රූපලාවන්‍යාගාරය විවෘත කිරීමේ වැඩසටහන ශ්‍රි ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණි ජානකී ලියනගේ මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2023 මැයි මස 08 වන සඳුදා දින බොරැල්ල පිහිටි රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් සිදු කෙරුනි. ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව සහ රෙජිමේන්තු මධ්‍යස්ථානය ඇතුළු ඒ යටතේ තිබෙන අනෙකුත් සියළුම කාන්තා බලකා ඒකකයන්හි දායකත්වය මත මෙම සමාජ මෙහෙවර ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව , රෙජිමේන්තු මධ්‍යස්ථානය සහ 1 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය එකට එක්ව සංවිධානය කරන ලද අතර එහිදී එක් ත්‍යාග පාර්සලයක වටිනාකමක රුපියල් 11500 ක් පමණ වන මෙම ළදරු භාණ්ඩ ඇතුලත් ත්‍යාග පාර්සල් දිවයින පුරා පිහිටි සියළුම කාන්තා බලකා යටතේ රාජකාරි කටයුතු සිදුකරන ගර්භණි කාන්තා සෙබළියන් 72 සඳහා ප්‍රධානය කිරීම සිදු කරන ලදි.

විශේෂයෙන්ම මෙම වැඩසටහනට සමගාමීව වීවෘත කරන ලද ‘ඔලිව්’ රූපලාවන්‍යාගාරය කාන්තා බලකායේ අනාගත අභිවෘදිය උදෙසා සාක්ශාත් කරගැනීමට සිටි අරමුණක් වන අතර යුද්ධ හමුදා සාමාජිකාවන්ගේ මෙන්ම සිවිල් ජනතාවගේද රූපලාවන්‍ය අවශ්‍යතාවයන් ඉතා සහනදායි මිලකට මෙහිදී සපුරා ගැනීමට අවකාශය වෙන් වීම සුවිශේෂි කරුණකි. ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිණිය, සේවා වනිතා ශාඛාවේ සියළුම සාමාජිකාවන්ද මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සියළුම නිලයන්ද මන්ත්‍රන සභාවේ සාමාජික සාමාජිකාවන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.