Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

06th June 2024 16:11:57 Hours

අන්තර් ඒකක නෙට්බෝල් තරඟාවලිය - 2024 ශූරතාවය පලමුවන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායට

පලමුවන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය විසින් බොරැල්ල, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී මැයි මස 30 වන දින සංවිධානය කරන ලද අන්තර් ඒකක නෙට්බෝල් තරඟාවලිය - 2024 හි, ශූරතාවය හිමිකර ගැනීමට පලමුවන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය සමත් විය.

තරඟාවලියේ අනුශූරතාව 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය හිමිකර ගත් අතර, තරඟාවලියේ දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස පලමුවන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ මේජර් ඩීඑච්ඩී වීරසේකර සම්මාන ලැබීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 56 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී විය.

තරඟාවලිය නැරඹීම සඳහා ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණි උදුලා කස්තුරිමුදලි මැතිනිය, මධ්‍යස්ථාන සේනාවිධායක, ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ උප සභාපතිනිය, 1ශ්‍රිලයුකාබහි අණදෙන නිලධාරිණි ඇතුළු රෙජීමේන්තු මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගි වූහ.