Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

09th March 2019 09:16:31 Hours

71 වන නිදහස් දින උත්සවය වර්ණවත් කිරීම සදහා කාන්තා බලකායේ සහභාගීත්වය

71 වන නිදහස් දින සැමරුම් උත්සවය 2019 පෙබරවාරි 04 වන දින ගාලු මුව දොර පිටියේදී ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විය.“එකට සිටිමු” (lets be Together) මෙවර නිදහස් දින තේමාවයි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 04 x 101 නිලධාරින් හා සෙසු නිලයින්ගේ යුත් කණ්ඩායමක් නිදහස් දින පෙළපාලිය වර්ණවත් කිරීමට දායක වූ අතර පෙළපාලියෙහි කාන්තා බලකා ඛන්ඩයෙහි අණදෙන්ණිය ලෙස 7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායෙහි වැඩ බලන අණදෙන නිළධාරිණි මේජර් ඩී සී එන් බෝම්ඹුවල කටයුතු කළ අතර, කපිතන් එස් ඒසි එම් ගන්දරවත්ත, ලුතිතන් ඩි එච් ඩි විරසේකර, ලුතිතන් එච් ඒ ජේ හෙට්ටිආරච්චි හා රෙජිමේන්තු සැරයන් මේජර් ලෙස බලළත් නිළධාරිණි I බී එල් එස් ආර් බුත්පිටිය ගමන් කළාය. සෙ/725163 ලා/කෝ කුමාරි ඊ එම් ඒ අඩි 10,000 සිට හම්බාවා නිදහස් ආර පැරෂුට් පැනීම සිදු කරමින් උලෙළ වර්ණවත් කරන ලදී.