18th August 2024 15:07:59 Hours
7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය අභිමානවත් ලෙස සිය 14 වන සංවත්සරය සමරනු ලැබූ අතර, එහි අණදෙන නිළධාරී මේජර් එම්පී සිංහාරගේ ශ්‍රීලයුකාබ සහභාගීත්වයෙන් සහ මගපෙන්වීමෙන් වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලදී.
2024 ජුලි මස 28, 29 සහ 30 වන දිනයන්හි සර්ව ආගමික ආශිර්වාද පැවැත්වීමෙන් අනතුරුව, 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලඇණියේ භට පිරිස් විසින් 2024 අගෝස්තු මස 01 වන දින ආචාර පෙළපාලිය අණදෙන නිළධාරී වන මේජර් එම්පී සිංහාරගේ ශ්‍රීලයුකාබ වෙත පිරිනමන ලදී.
සංවත්සර දිනයට සමගාමීව අණදෙන නිලධාරිණිය, ජ්‍යෙෂ්ඨ නිලධාරිණියන්, නිලධාරිණියන් සහ අනෙකුත් නිලයන් සඳහා වූ සියලු නිල දිවා භෝජන සංග්‍රහය ආරම්භ කරන ලදී. ඒ අයුරින් 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය 14 වන සංවත්සරය අතිඋත්කර්ශවත් අයුරින් පැවැත්විණ.