Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

01st August 2023 11:36:49 Hours

7 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 13 වන සංවත්සරය සැමරිම

7 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය 2023 අගෝස්තු මස 01 වන දින සිය 13 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරන ලදි.සංවත්සරය නිමිත්තෙන් අණදෙන නිලධාරිණි මේජර් එම්පී සිංහාරගේ ශ්‍රිලයුකාබ ජ්‍යෙෂඨ නිළධාරිණියගේ මග පෙන්විම යටතේ වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලදි.

2023 ජුලි මස 30 හා 31 යන දිනයන්හි පැවති සර්ව ආගමික වතාවන්වලින් අනතුරුව යුද්ධ හමුදා සම්ප්‍රධානුකුලව අණදෙන නිළධාරිණි හට සම්මාන මුරයක් පවත්වන ලදි.

සංවත්සරය දිනයට සමගාමීව අණදෙන නිලධාරිණි සියළු නිළයින්ගේ තේ පැන් සංග්‍රහයකට සහ දිවා භෝජන සංග්‍රහයට සහභාගි වු අතර එයින් සංවත්සර දිනයේ කටයුතු අවසන් කරන ලදි.