Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

16th June 2024 15:36:34 Hours

2(ස්වේ) ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සාමාජිකාවන් වෙනුවෙන් නව පුස්ථකාලයක් විවෘත කිරිම

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බළකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි උදුලා කස්තුරිමුදලි මැතිණියගේ මග පෙන්විම යටතේ 2(ස්වේ) ශ්‍රිලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සියළු නිලයන් වෙනුවෙන් ඉදිකරන ලද නව පුස්ථකාලය විවෘත කිරිමේ උත්සවය ගරු සභාපතිනියගේ සුරතින් 2024 ජුනි මස 16 වන දින 2(ස්වේ) ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය මැදවච්චියෙහිදි සිදු කරන ලදි.

මෙම අවස්ථාවේදි සියළු නිලයන් ආමන්ත්‍රණය කල ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බළකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි උදුලා කස්තුරිමුදලි මැතිණිය පොත් කියවිම තුලින් දැනුම වර්ධනය කිරිමේ වැදගත්කම පිළිබද අවධාරණය කළාය. නව පුස්ථකාලය විවෘත කිරිමේ අවස්ථාව සනිටුහන් කරමින් ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බළකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි විසින් එම පුස්ථකාලය වෙත ඉතා වටිනා සහ හරවත් පොත් පරිත්‍යාගයක්ද සිදු කරන ලදි.