Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

10th July 2024 13:06:24 Hours

2024 වසර පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩිකා දිල්හානි ලේකම්ගේ සුදුසුකම් ලබා ගනී.

ලෝක මළල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම් වලට අනුව 2024 වසරේ පැවැත්වීමට නියමිත පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩිකා දිල්හානි ලේකම්ගේ සුදුසුකම් ලබා ඇත. එම සුදුසුකම් ලැබීමේ කාලය 2024 ජූනි 30 දිනෙන් අවසන් වූ අතර, මෑත කාලීනව ඇයගේ තරඟ වාර්ථා පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වීමට ඉවහල් වී ඇත. ඇය ලෝක මළල ක්‍රීඩිකාවන් අතර ඉහළම ශ්‍රේණිගත කිරීම ලබාගෙන, මේ වනවිට 26 වන ස්ථානයේ පසුවෙයි. ක්‍රීඩිකාවන් 32 දෙනෙකු මෙම ක්‍රීඩා උළෙල සඳහා තෝරාගැනීමට නියමිතය.

ඒ අනුව, ඇයගේ ජයග්‍රහණ අගයමින්, 56 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති හා ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම මත ඇයගේ විශේෂ ජයග්‍රහණය ඇගයීම සඳහා 2024 ජූලි මස 06 වන දින බොරැල්ල රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී උපහාර උළෙලක් සංවිධානය කරන ලදී.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 56 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති හා ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් ජෙනරාල් සේනක කස්තුරිමුදලි ජ්‍යෙෂ්ඨ නිලධාරි සමඟින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණි උදුලා කස්තුරිමුදලි මැතිණිය සහභාගී වු අතර එහිදි රට වෙනුවෙන් සහ ශ්‍රි ලංකා යුද හමුදාවට අභිමානයක් ගෙන දුන් මා/සැරයන් නදීෂා ලේකම්ගේ ක්‍රිඩිකාවගේ ජයග්‍රහණ පිළිබඳව මෙන්ම ඇයගේ සුවිශේෂී අධිෂ්ඨානය සහ නොපසුබට උත්සාහය ඉස්මතු කරමින් ඇයව ඇගයීමට ලක් කරන ලදී.

තවද, ඇයගේ ජයග්‍රහණය අගයමින් බලකාධිපතිතුමන් විසින් මා/සැරයන් නදීෂා ලේකම්ගේ වෙත ඇයගේ ඉදිරි ක්‍රිඩා දිවියට අත්වැලක් වීමේ අරමුණින් මූල්‍ය පරිතයාගයක් සිදු කරන ලද අතර, ඇයගේ ඉදිරි ක්‍රිඩා කටයුතු සඳහා ද සුභ පැතුම් පිරිනමන ලදී.

මෙම අභිමානවත් අවස්ථාව සඳහා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ජේකේආර් ජයකොඩි ආර්ඩබ් යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ රෙජිමේන්තු මධ්‍යස්ථානය ඇතුළු 1 ශ්‍රිලයුකාබහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් සහභාගි වූහ.